2012/07/26

රෑන්ක් අවුලේ නුදුටු පැත්ත!!!




මේ දිනවල 2011 අපොස උපෙ විභාගයට පැරණි විශය නිර්දේශයෙන් මුහුණ දුන් සිසු සිසුවියන් පසු වන්නේ ඉමහත් පශ්චාතපයෙනි. තෙවන වරට ලැබුණු ලොවෙත් නැති ප්‍රතිඵලය නිසා පාන් කියා ගත නොහැකි තත්වයකට පත්ව ඇත. නමුදු මෙහි දී එක් බරපතල වැරැද්දක් ඔවුන් අතින් සිදු වී ඇත. එනම් නව Z ලකුණට දෝශාරෝපණය කිරීමයි. මාගේ දැනුම පරිදි නම් ලබා දුන් නව Z ලකුණේ කිසිදු වැරැද්දක් නොමැත. තටිල් මහතා උසාවි නියෝගයේ පරිද්දෙන්ම සිසුන් දෙපිරිස සඳහා වෙන වෙනම ලකුණු ගණනය කිරීමට වඩාත් සුදුසු සමීකරණයක් ගොඩ නගා ඇත. එහෙත් ඇතමුන් තටිල් මහතාගේ වැරදි හුවා දක්වනු වස් මූණුපොතේ නානාප්‍රකාර වූ පෝස්ට්ස් හා ජායාරූප ප්‍රචාරය කරනු මම දුටුවෙමි. නිවැරදි ගණනය කිරීමට අනුව පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට අඩු Z අගයක් ලැබීමට හේතුව සරලව මෙසේ විස්තර කළ හැක.


සමස්තයක් ලෙස සලකා බැලුවොත් 2011 වසරේ පමණක් නොව පසුගිය වසර කීපයකදී ම පළමු වරට විභාගයට මුහුණ දුන් සිසුන්ගේ කුසලතා ගත් විට වැඩි ප්‍රතිශතයක් ඉහළම ලකුණු ලබා ගැනීම මෙන්ම අඩුතම ලකුණු ලබා ගැනීම දැකිය හැක. එනම් ඒ අකුරු හා එෆ් අකුරු ලබා ගන්න අයයි. එහෙත් සාපේක්ශව මධ්‍යම මට්ටමේ ලකුණු ලබා ඇත්තේ අඩු ප්‍රතිශතයකි. එනම් බී, සී හා එස්. අකුරු ලබා ගත් සිසුන්ය. එනිසා සමස්ත සිසුන් සංඛ්‍යාව සළකා බැලූ විට පළමු වරට මුහුණ දුන් සිසුන්ගෙන් ලැබෙන මධ්‍යන්‍ය අගය අඩු අගයක් ගනී. එහෙත් දෙවන වර හෝ තෙවන වර විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ප්‍රතිඵලය මීට හාත්පසින්ම වෙනස් ය. ඔවුනගේ ප්‍රතිඵලය විශ්ලේශණය කළ විට වැඩිපුට ඇත්තේ ඉහළතම හෝ අඩුතම ලකුණු නොව මධ්‍යම මට්ටමේ ලකුණු ය. එනිසා ඔවුනගේ මධ්‍යන්‍ය අගය වැඩි අගයක් ගනී. අවසන් Z ලකුණ මා පෙර කී මධ්‍යන්‍ය අගයට ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් දක්වයි. එනිසා පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට අඩු Z අගයක් ලැබේ. මා මෙහි දක්වා ඇත්තේ ඕනෑම කෙනෙකුට පැහැදිලිව තේරූම් ගත හැකි ඉතාමත් ප්‍රාථමික මට්ටමේ පැහැදිලි කිරීමකි. මේ සංසිද්ධිය  අවසන් වරට ලබා දුන් Z ලකුණ වැරදී යැයි කෑ ගසන අයට යම්තාක් දුරකට හොඳ පිළිතුරක් වනු ඇත.


ඊළඟට අපි දිස්ත්‍රික් හා දීප ව්‍යාප්ත කුසලතා සලකා බලමු. ගණනය කළ Z අගය අනුව පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට අඩු Z අගයක් ලැබෙන බව දැන දැනත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගහණයන් දෙකටම තනි Z ලකුණක් ලෙස සළකා තනි කුසලතාවන් නිකුත් කලේය. සිදු වූ වඩාත්ම බරපතල වැරද්ද එයයි. වඩාත් නිවැරදි දේ නම් නිර්දේශයන් දෙකට වෙන වෙනම කුසලතා නිකුත් කිරීමයි. එහෙත් ප්‍රතිපාදන කොමිසම එසේ දැන දැනත් එම වැරැද්ද කලේ ඇයි??? එයට ද හේතුවක් ඇත. එනම් කුසලතාවන් දෙකක් නිකුත් කළහොත් මෙරිට් පාසස් නිකුත් කිරීම අසීරු කටයුත්තක් වන බැවිනි. ප්‍රතිපාදන කොමිසමේ ඇසින් එදෙස බැලුවොත් ඔවුන්ගේ පැත්තෙන් එය නිවැරදිය. නමුත් ඊට සමස්ත් ශිෂ්‍ය ප්‍රජාව පලි ඇත. අශ්වයා පැන යාමට පෙර ඉස්තාලය වැසීමට ඔවුන් දැන ගත යුතුයි. දැන ට කළ හැකි හොඳම දේ නම් පසුගිය අවුරුදුවල පළමු වරට හා නැවත විභාගයට මුහුණ දී  අදාල පිඨයන්ට සමත් වූ ශිෂ්‍ය පිරිසේ ප්‍රතිශතේ මධ්‍යන්‍ය අගයක් ගෙන ඒ අනුපාතයට මෙවර කඩයිම් ලකුණු දෙකක් නිර්මාණ්ය කිරීමයි. එවිට නව නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට වැඩි කඩයිම් ලකුණකුත් පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට අඩු කඩයිම් ලකුණකුත් ලැබෙනු ඇත. ඒ විසඳුම වඩාත් සාධාරණ යැයි මට සිතේ. නැත්නම් නව Z ලකුණක් ඉල්ලා කැ ගැසීම බොරු වැඩකි; කල් මැරීමකි.


අවසන් වරට මේ දිනවල සිදුවන ඇතැම් අරගල පිළිබඳවද යමක් පැහැදිලි කිරීමට කැමතියි. බොහෝ අරගල පුස් වෙඩිලි වැනිය. මා දුටුවා සමහරුන් පුවරු ඔසවා සිටියා පැරණි නිර්දේශයෙන් ඒ සමාර්ථ තුනක් ලබා ගත් තැනැත්තාට වඩා නව නිර්දේශයෙන් බී සාමාර්ථ තුනක් ලබා ගත් සිසුවාට Z අගය වැඩි වී ඇත. මෙය කිසි සේත් සිදු විය නොහැක. මෙය ඇතැම් පිරිස් කුලප්පු කිරීමට ඇතමුන් විසින් කරනු ලැබූ කූටෝපක්‍රමයක් වනු ඇත. එහෙත් නැත්නම් කට කථාවක් ය. එහෙත් ඒ 2යි. බී 1යි ලබා ගත් සිසුවාට වඩා ඒ1යි බී 2යි සිසුවට Z අගය වැඩි වීමට වැඩි ප්‍රවණතාවක් ඇත. අපේ මේ අරගලයේදී Z ලකුණ පිළිබඳව සටන් කිරීම කාලය කා දැමීමක් යැයි මට සිතේ. එමෙන්ම මේ අවස්ථාව තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යොදා ගන්නා බවක් බොහෝ දෙනෙකුට වැටහී ඇත. එනිසා මේ අරගලයේදී සැවොම තමා නොහඳුනන පුද්ගලයන් සමඟ උද්ඝෝෂණවලට සහභාගී නොවනා නම් එය නුවණට හුරුය. හැකි සෑම විටම තම මිතුරන් සමඟ තමා හොඳින් හඳුනන අය සමඟ පමණක් උද්ඝෝශණ්යේ යෙදිය යුතුයි. මන්ද යත් සිසුන් සේ වෙස් ගෙන අපේ මේ අරගලය දේශපාලන අරගලයක් බවට පත් කිරීමට ප්‍රයත්න දරන බොහෝ අය සිටින බැවිනි. එවැනි කූට පුද්ගලයන්ගේන් ගැලවී අපේ අරගලය ගැටලුවකින් තොරව ඉදිරියට ගෙන යාමට අපි බුද්ධිමත්ව කටයුතු කල යුතුය. මාගේ දීර්ඝ ලිපිය මා අවසන් කිරීමට පෙර තවත් එක් කරුණක් පැවසිය යුතුයි. මූණුපොතේ බොහෝ අවස්ථාවලදී නව නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන් හා පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන් අතර ගැටුම් උද්ගත වනු මා දැක ඇත. මෙය ඉතා කණගාටුදායක කරුණකි. විශ්ව විද්‍යාලයේදි අපිට ඉගෙන ගැනීමට අපිට සිදු වන්නේ ඔවුන් හා එකටයි. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමටත් පෙරම ඔවුන් හා වාද වීමන් වෙන් වීමක් නිර්මාණයක් කරගත හොත් එහි අවාසිය සිදු වන්නේ අපේ රටටයි. මේ මොහොතේදී අපිට සැවොමගේ සමගිය ඉතා ඇවැසියි. එනිසා උද්ගත වන සෑම ගැටලුවක් ම සාකච්ජා මට්ටමෙන් විසඳා ගතහොත් එය වඩා වාසිදායක වනු ඇත. මන්ද යත් අපේ අරගලය අපේ හිමිකම් උදෙසා මිසක් නව නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට එරෙහිව නොවන බව වටහා ගත යුතුයි!! දැනට මම මේ ලිපියෙන් නවතිමි. ඉදිරි ලිපිවලින් අරගලය පිළිබඳ නව පුවත් මේ බ්ලොග් අඩවිය හරහා නිකුත් කිරීමට මම බලාපොරුත්තු වෙමි!!! ඔබට ජය!!!

6 comments:

  1. Good Work! Keep it up

    ReplyDelete
  2. AAA laba gath sisiuwata wada BBB laba gath aya issara rank tynw kiyanne boruwak newe..ehema boru kiyanna pissuwak lamayinta ne..
    Kurunegala Biology AAA 71(old syllabus)
    BBB 65(new syllabus)
    BBC 67 (new syllabus)
    me results boruda kiyala meka liyapu kena hoyala beluwanam hodai.

    ReplyDelete
  3. mulin kiyala thiyena widiyata z 2k ekata rank kireema thamai methana thiyena lokuma weradda.
    e uanata 3A(old syl) walata wada 3B(new syl) wala rank eka issaraha kiyana eka boruwak newei.matarath me aluth ranks anuwa 3A ayath med.select wenne naha.new syl.adu result ayath med.select wenawa.

    ReplyDelete
  4. and me thiyena ranking system eka widihata old syl A3 gattu lamaya passata gihin new syl B3 issarahata enna puluwan..oya me blog eka patta widihata liyala thiyenawa..meka oni kenekuta terena eka thama hondama de..eth mama meke weradi points 2k dakinawa..ekak thama ara A3 B3 kathaawa. eka wenna puluwan me thiyena widihata..anik eka thama z score eka mean ekata prathilomawa samanupathikai qwa eka.. mean eka wedi unama z score eka adu unu paliyata eka prathilomawa SAMA ANUPATHIKA wenne nehene..mage comment eka publish nokaranawanam hondai..oyage denageneema pinisa liwwe..moka unath liwwa manussayata pin sidda wenawa..ara qwa points deka oya poddak hithala balala mama kiyana de hari kiyala hithanawanam eka edit karanna..anyway nicely written..thanks...

    ReplyDelete
  5. anoymous 1 & 2 :- mama oka gana hewwa.. eth mata hariyatama oya wage siddiwalata muhuna dun pudgalayan hoya ganna bari una.. hugak aya kiyanawa innawa innawa kiyala. eth hoya ganna bari una.. puluwan nam A adala pudgalayange nam gam mata dannawanna.. mama eyala ekka katha karala eyalage kalin Z lakunu saha dan Z lakunu gana hoyala eyala ganath post ekak dannam.. anith eka lakunu 75 A ekei lakunu 100 A ekei loku wenasak thynawa.. namuth 75 Aekei 74 B ekei loku wenasak na.. A hinda labena akuru walin Z agaya gana apita nigamanaya karanna ba.

    anoymous 3:- mama mekedi ganithaya gana loku wigrahak kale na.. mokada samahara ayata meka notherenna plwn.. aththatama kiwwoth Z lakuna prathilomawa samanupathika wenne sammapatha apagamanayata. madhyanya agayayi sammapatha apagamanayai anulomawa samanupathikai. A hinda thamai mama kiwwe Z agaya madhyanya agayata prathilomawa samanupathikai kiyala.. mama me post ekedi sammatha apagamanaya gana katha nokale bahutharayak A gana nodanna nisa. obathumata A pilibanndawath dAna ganimata awashya nam mata danwanna..

    ReplyDelete
  6. So then2019 th thiyenawane old syllabus and new syll.kiyala ekak.ethakota eketh oya kiyana widiyata old syllabus eken liyana ayata awasiyak weida ??? Pls tell me.mn 18 A / l university selected.district rank 378 gampaha .by commerce stream.math second shy karanawa .old syllabus eken liyala eetath wada adu ekak eida danne na.






    ReplyDelete