2012/08/05

අසාධාරණයට පත් උසස් පෙළ සිසුන්ගේ විරෝධතාව







2011 අපොස උසස් පෙළ විභාගයේ Z ලකුණු වෙනස් වීමත් සමඟම පැරණි නිර්දේශයෙන් විභාගයට මුහුණ දුන් සිසුන් සිටින්නේ ඉමහත් පසුතැවිල්ලෙනි. එනිසාම තමන්ගේ විශ්ව විද්‍යාලයීය සිහිනය යථාර්තයක් කර ගනු වස් තමන්ට සිදූ අසාධාරණයට එරෙහිව දැවැන්ත සාමකාමී පා ගමනක් හා උද්ඝෝශනයක් සංවිධානය කිරීමට කිරීමට සිසුහූ උත්සුක වූහ. දිවයිනේ නන් දෙසින් සිසුන් සහභාගී මේ උද්ඝෝශනය 2012.08.02 දින පැවැත්විණ. බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වූ පාගමන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී බලධාරීන්ට සංදේශයක් භාර දීමට කටයුතු සූදානම් කර තිබුණි. එම අවස්ථාවේදී සිසුන් පැවැත්වූ කතා කිහිපයක සංස්කරණය නොකළ දර්ශන මෙම වීඩියෝවේ දැක්වේ.

No comments:

Post a Comment